-->

Thursday, August 29, 2013


අන්තර්ජාල බැංකු ගිණුම්


ආයුබෝවන් යාලුවනේ...!!!
                                                  මම අද ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාල බැංකු ගිණුම් ගැන.ඔයාල දන්නවනේ අපි අන්තර්ජාලයේ කිසියම් හෝ රැකියාවක් කරල හරි වෙනත් ආකාරයකින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන කියල.ඒ මොකද, අපි වැඩකරන ආයතන විසින් අපිට කරන ගෙවීම් කෙලින්ම අපේ රටේ සාමාන්‍ය බැංකු ගිණුමකට ලබා ගන්න බෑ. එම මුදල් හුවමාරු කිරීම්  සිදු කල හැක්කේ අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා පමණයි. ඒවගේම අපිඅන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.


අන්තර්ජාල බැංකු ගිණුම් සපයන ප්‍රධාන ආයතන කීපයක්ම තියනව.  PayPal , Moneybooker , Payza , කියන්නේ ඒ වගේ ප්‍රධාන බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. නමුත් අනිත් ගිණුම් දෙකේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.ඒ නිසා අපි අද බලමු කොහොමදPayzaගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම ඔයාල පහළ Banner එක click කරල payza home page එකට යන්න.
ඉන්පසු Signup කියන එක button click කරාම ඔයාලට පහත ආකාරයෙ පිටුවක් එනව.
 
එතනින් Starter හෝ Personal යන්න select කරන්න. එතකොට පහත ආකාරයෙන් පිටුවක් විවෘත්ත වෙයි.( personal යන්න select කර ගිණුමක් සැදීමේදී ඔබට වැඩි පහසුකම් ප්‍රමාණයක් ලැබෙන බව සැලකිල්ලට ගන්න. )
 
මෙහි ඇති සියලු විස්තර ඔබ විසින් නිවැරදිව පිරවිය යුතුය.එසේම මෙහි ඔබගේ සත්‍ය තොරතුරු පමණක් ලබාදීමට ඔබ වගබලා ගත යුතුය.මෙහි,
  •   Postal code : ඔබේ නගරයට අයත් තැපැල් අංකය (ඔබේ නගරයේ තැපැල් අංකය ඔබ නොදන්නවානම් පහතින් එය සොයාගැනීමට හැක.)


  • එසේම මෙහිදි ඔබේ නම, ලිපිනය නිවැරදිවම පිරවීමට සැලකිලිමත් වන්න.(payza මගින් ඔබට එවන ලිපි ලේඛන ලැබෙන්නේ මෙම ලිපිනයට බැවින් සත්‍ය තොරතුරු ලබා දෙන්න.)
     ඉන්පසු දෙවන පියවරට යොමුවිමට Next Step යන්න clickකරන්න.එවිට පහත පරිදි පිටුවක් විවෘත්ත වේ.
 

   එහි පහත ආකරයට ඔබේ තොරතුරු ඇතුළත් කරන්න.
  • E-mail address: ඔබ භාවිත කරන සක්‍රිය email ලිපිනයක්. ඔබේ ගිණුම තහවුරු කිරීමට මෙය වැදගත් වන බැවින් නිවැරදිවම ඇතුළත් කල යුතුය.
  • Password: ඔබට පහසුවෙන් මතක තබාගතහැකි මුරපදයක්.
  • Transaction pin: ගණුදෙනුවක් සිදු කිරීමේදී සහතික කිරීමට අවශ්‍ය වන රහස් අංකයයි. ඔබට පහසුවෙන් මතක තබාගතහැකි ඉලක්කම් 4ක අංකයක්.
  • Security question: ඔබ කැමති ආරක්ෂක පැනයක්. 
  • Answer: ඔබේ පැනයට අදාල පිළිතුරක්.
  • Third party information: යන්න Noලෙස ලබාදෙන්න.
  • Word verification: රූපයේ ඇති අකුරු හෝ ඉලක්කම් නිවැරදිව සටහන් කරන්න.
·        (වැදගත් :- මෙහි ඔබ ලබාදුන් තොරතුරු ඔබට අමතක වීමට ඉඩ ඇති බැවින් ලියා තබා ගැනීම වැදගත් වේ....)

දැන් ඔබ final step යන්න මත click කරන්න. එවිට ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබ ලබාදුන් email ලිපිනයට පණිවුඩයක් එවා ඇතිබව දැක්වේ.

දැන් ඔබ විසින් එම email ගිණුමට log වී Payza විසින් එවන ලද email පණිවුඩයේ ඇති link එක මත click කරන්න. නැතහෝත් එය copy කර address bar මත paste කර enter කරන්න.

එවිට විවෘත්ත වන්නේ Payza Log in window එකයි. එහි username ලෙස ඔබ ලබාදුන් e-mail ලිපිනයත්,ඔබ ලබාදුන් password එකත් ඇතුල් කර Payza ගිණුමට ඇතුළු විය හැක.

දැන් ඔබ සාරථකව Payza ගිණුමක් අරඹා ඇත.

දැන් අපි බලමු කොහොමද payza ගිණුමක් verify කරගන්නේ කියල....

payza ගිණුමක් verify කරගැනීමට හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා.
1.  අපේබැංකු ගිණුමක් Payza account එකට සම්බන්ධ කරල ඒකෙන් $50ක් Payza එකට තැන්පත්කිරීම. නමුත් මේ ක්‍රමය දැනට ලංකාවට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
2.  අපේ Credit card එක Payza account එකට සම්බන්ධ කරල ඒක හරහාත් verify කරන්න පුළුවන්.

දැන් ඔයාල බලයි ඉතින් අපි කොහොමද දැන් account එක verify කරන්නෙ කියල.පලවෙනි ක්‍රමේ ලංකාවට දෙන්නේ නෑලු.දෙවෙනි ක්‍රමෙන් කරන්න අපිට කොහෙන්ද cridet card කියල.....

මේකට අපිට cridet card 1ක් ම ඕනෙ නැ.ඒ වෙනුවට අපිට සම්පත් බැංකුවේ Web card එකක් හරි  Haton Nationalබැංකුවේ debit card එකක් හරි භාවිතා කරන්න පුළුවන්.

දැන් අපි බලමු කොහොමද payzaගිණුමක් verify කරගන්නේ කියල....



මුලින්ම ඔයාගේ account එකට log වෙන්නකෝ.ඊටපස්සේ පහත ආකාරයට Main menu එකේ Manage My Money යටතේ තියෙන My credit cardsයන්න click කරන්න.


එතකොට ඔයාලට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා....


මෙහි ඔබේ card එකේ අංකය සහ කල් ඉකුත්වන දිනය ඇතුල් කර next යන්න click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙයි.

 

මෙහි ඇති පොඩි කොටුව තුල 'හරි' ලකුණක් දමා submit යන්න click කරන්න.( මෙහි දක්වා ඇති තොරතුරු ඔබේ නිවැරදි සත්‍ය තොරතුරු ද යන්න අනිවාර්යෙන් නැවතත් පරික්ෂා කර බලන්න...)
මෙය submit කලපසු ඔබට මේ ආකාරයේ පිටුවක් ලැබේ....
එහි ඉහලින්ම ඇති validate cridet card යන්න click කරන්න.

 

ඊටපස්සේ ඔයාලට මේ වගේ page 1ක් ලැබෙයි.එහි validate by charge කියන එක යටතේ එන validate your credit card යන්න click කරන්න.
 

එතකොට ඔයාලට පහත ආකාරයේ තවත් පිටුවක් ලැබෙයි.එහිත් ඔයාලගෙ නම , ලිපිනය , card අංකය වැනි තොරතුරු දක්නට ලැබෙයි.එම තොරතුරු නිවැරදි දැයි හොඳින් පරික්ෂා කර බලන්න. 

 

මෙහි csv/cvv යනු ඔබේ card පතෙහි පිටුපස දක්වා ඇති අංකයයි.එම අංකය කොටුව තුල දක්වා රතු පාටින් කොටු කර ඇති කොටුව තුල 'හරි' ලකුණක් දමා next යන්න click කරන්න.
දැන් payza එක $1 - $2 ත් අතර මුදලක් අපේ ගිණුමෙන් කපාගන්නවා.වැඩකරන දින 2ත් 3ත් අතර කාලයකදී එය අපේ ගිණුමේ සටහන් වෙනවා.දින 3කට පමණ පස්සෙ ඔයාල card center එකට කතා කරලා ඒ payza එකෙන් කපාගත් මුදල USD වලින් දැනගන්න.මොකද අපි එය සටහන් කල යුත්තේ USD වලින්.....
දැන් ඔයාල නැවතත් payza එකට log වෙලා Main menu එකේ My credit cards කියන එක click කරන්න.එතකොට ඔයාලට පහත ආකාරයේ පිටුවක් ලැබෙයි.එහි Submit amount යන්න click කරන්න.

 

එවිට ඔබට පහත දැක්වෙන අකරයට කපාගත් මුදල ඇතුල් කිරීම සඳහා පිටුවක් ලැබේ.

 

මෙහි ඔබේ ගිණුමෙන් කපාගත් මුදල නිවැරදිව සඳහන් කර enter code යන්න click කරන්න.
දැන් අපේ ගිණුම සාර්ථකව verify කල බව පහත ආකාරයේ පිටුවකින් දක්වනු ලැබේ.....


ලිපිය නම් ටිකක් දිග උනා.ඒක නිසා මම මෙතනින් ලිපිය නවත්වනවා.ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් පහලින් ලියල යන්න.....
ඒ වගේම blog එක ගැන ඔයාලගෙ අදහසුත් දක්වල යන්න අමතක කරන්න එපා.....
තවත් මේ වගේ වැදගත් ලිපියකින් ඔයාලව හමුවෙන්නම්.....
ඔයාලට සුභපැතුම්.......


No comments:

Post a Comment