-->

Sunday, September 1, 2013

අපි සිංහලෙන් ලියමු...

ආයුබෝවන් යාලුවනේ...!!!

                          ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ .එක නිසා ලොකු දෙයක් ලියන්නත් කම්මැලියි අනේ.ඉතින් මං හිතුව ඔයාලට වැදගත් වෙන දෙයක් කෙටියෙන් කියල දෙන්න.හැබැයි මේක emoney සම්බන්ද දෙයක් නම් නෙමෙයි.එත් මේක emoney කරන අයට වගේම නොකරන අයටත් ගොඩක් වටිනා දෙයක්....

ඔයාල හැමෝම කැමතියි නෙ සිංහලෙන් Type කරන්න.මං අද කියාදෙන්න යන්න සිංහලෙන් Type කරන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් ගැන.මේවා ගැන දැන් නම් ගොඩක් අය දන්නවත් ඇති.එත් නොදන්න අයත් ඉන්න හින්ද මං මේ ගැන කියන්න හිතුව....

ඔයාල හැමෝම දන්නවනේ අපිට සිංහලෙන් Type කරන්නනම් මොකක් හරි Software එකක් Install කරගන්න ඕනෙ කියල.එත් සමහර ඒවගේ වැඩකරගෙන යනකොට ටිකක් අමාරුයි නෙ....

අද මම කියන්නෙ වැඩි අපහසුවකින් තොරව සිංහල ලියන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි....

එහෙනම් අපි දැන් බලමු මොනවද ඒ ක්‍රම කියල....

       1.  Google IME
                            මේක භාවිතා කිරීමට ඉතා පහසු මෘදුකාංගයක්.ඒවගේම ඉතා පහසුවෙන් හා සරලව තේරුම් ගැනීමටත් පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Google IME කියන්නේ...
 
මේ මෘදුකාංගය භාවිතා කරල අපිට පුළුවන් අන්තර්ජාලයේදී හෝ වෙනත් ඕනෑම මෘදුකාංගයක සිංහලෙන් Type කරන්න.වැඩි විස්තර ඕනෙ නැනේ.ඔයාලත් Download කරගෙනම බලන්නකෝ....

පහල තියෙන Button එක Click කරලා ඔයාලට Google IME මෘදුකාංගය Download කරගන්න පුළුවන්.


 
පහත රුපයේ දැක්වෙන ආකාරයට පුරවා Google IME Download කරගන්න...

 

       2.  පැන්සල
                    මේ මෘදුකාංගයත් Google IME වලට සමාන වගේම භාවිතා කිරීමට ඉතා පහසු මෘදුකාංගයක්.මෙමගිනුත් ඉහත කී කරන සියල්ලම ඉටුකර ගැනීමේ පහසුකම තිබෙනවා....
එහෙනම් ඔයාල පහල තියෙන Button 1 Click කරලා මේ මෘදුකාංගය Download කරගන්නකො...

 

පහත රුපයේ ඇති ආකාරයට ඔබේ පරිගණකයට ගැලපෙන මෘදුකාංගය ඔබට තෝරාගත හැක...




       3.  Online Google Translate
                          මේ ක්‍රමයත් අපිට Google සමගම මගින් අපිට ලබාදෙන තවත් සේවාවක්.මේ ක්‍රමය මගින් සිංහල ලිවීමේදී අපි අනිවාර්යෙන්ම අන්තර්ජාලයට සම්බන්ද වී සිතිය යුතු වෙනවා.Online Google Translate ක්‍රමයෙන් සිංහල ලිවීමේදී මෘදුකාංග Install කරගැනීමට අවශ්‍යවන්නේ නැ.නමුත් මේ ක්‍රමය භාවිතා කරන සම අවස්ථාවකම පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද වී තිබිය යුතුය.

පහල Button එක Click කර Online Google Translate විශේෂාංගය භාවිතා කලහැක...

 
මේ මෘදුකාංග තවත් වැදගත් දෙයක් කියනවනම් මේවා භාවිතා කර ලිවීමේදී අපිට Singlish ආකාරයෙන් ද ලිවීමට හැකියි.එමනිසා මෙම ක්‍රම අපේ බ්ලොග් ලියන යාළුවන්ට එහෙම ඉතා වැදගත් වනවා නිසැකයි....

එහෙනම් යාලුවනේ මේ ලිපිය මම මෙතනින් නවත්වනවා....මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් ඔයාලගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා හරිද....

ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටළුවක් ආවොත් පහලින් Comment 1ක් දාල යන්නකෝ....

ඔයාලට සුභපැතුම් ........

No comments:

Post a Comment